
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණියේය.
වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසා පවතින තත්වය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් ඇති බව වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය

