(තරිඳු ජයවර්ධන)
රනිල් වික්‍රමසිංහ මහතා අද 11.16 ට අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
ඒ මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩලය ද මේ වන විට සකස් කර අවසන් බව ද එම ආරංචි මාර්ග පවසයි.
වික්‍රමසිංහ මහතා අගමැතිවරයකු ලෙස ජනාධිපතිවරයකු ඉදිරියේ දිවුරුම් දෙන්නේ පස් වැනි වතාවට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.