රන්ජන්ගේ මෝසම ඉවතට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණයට  අපහාසය කළැයි තමාට පැනවූ වසර 4 සිරදඩුවම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෙම මෝසම රංජන් රාමනායක මහතා සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ගොනු කෙරිණි .

මෙම මෝසම, රාමනායක මහතාට එරෙහිව අදාළ නඩු තීන්දුව දුන් සිසිර ද ආබෘ , විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ⁣මහත්වරුන් ගෙන් යුතු ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේම සලකා බැලිණි.