
(ඩී.ජී.සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත ගෙන එනු ලැබිය.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුලද පොලිස් ආරක්ෂාව තරකර තිබින.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවු ඒ මහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇත.


