
(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අවස්ථාව සලසාදුන්නැයි බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය.
අගුණකොළපැළැස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවකු වන රන්ජන් රාමනායක මහතා සමග ඡායාරූපයකට පෙනී සිටීමට මෙම අවස්ථාව සලසා දිම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකින් පසු අමුත්තන් බැලීමේ ස්ථානය භාරව සිටි එම ජේලර්වරයාගේ වැඩ තහනම් කළ බව ද ඔහු සදහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) දහවල් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

