(බී.ජානක)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය.
රන් පැහැති ටී 56 ගිනිඅවියක් සොයා ගැනීමේ නඩුවට අදාළව 4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතාට එරෙහිව සෘජු හා පරිවේශනීය සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින 1 සහ 2 සැකකාරියන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නැවත මෙම නඩුව නොවැම්බර් මස 06 වන දින කැඳවීමට ද නියෝග කළාය.