රත්මලාන ගොනා කෝවිල අසලින් උණ්ඩ 60ක් සොයාගනී


(දිලංගා ගෝමස්)

රත්මලාන ගොනා කෝවිලේ ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇති විදුලි පහන් කණුවක් අසල මාර්ගයේ තිබී ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ හැටක් (60) ක් ඊයේ (16)  පස්වරුවේ සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසීය.

මෙම ටී56 උණ්ඩ තොගය කාය වර්ධන පිටි බහාලනු ලබන ප්ලාස්ටික් බඳුනක ග්‍රීස් ආලේප කර ෂොපින් බෑගයක දමා අසුරා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

ප්ලාස්ටික් භාණ්ඩ එකතු කරනු ලබන පුද්ගලයකු විසින් උණ්ඩ තොගය දැක ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් එහි ගොස් විමර්ශන ආරම්භ කර තිබේ. 

මේ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරනු ලබයි .