(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර ශික්ෂණ රෝහලේ සිට අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ 18 හැවිරිදි තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වීම හේතුවෙන් යළි රත්නපුර රෝහලට ඒවා තිබේ.
මෙම තරුණියගේ එක් වෛද්‍ය වාර්තාවකට අනුව ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් තවත් වෛද්‍ය වාර්තාවකට අනුව ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති බවට දක්වා තිබුණි.
රත්නපුර ශික්ෂණ රෝහලේ බලධාරීන් විසින් තරුණිය අයි.ඩි. එච්.රෝහලට ඊයේ (29) රාත්‍රීයේදී යොමු කර ඇත.
එහිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීම හේතුවෙන් ඇය නැවත රත්නපුර ශික්ෂණ රෝහල වෙත එවනු ලැබීය.
ඊයේ (29) උදෑසන රෝහල් ගත කළ ඇයට හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලබා තිබේ.

