(යොහාන් භාසුර)
කැරට් 22 රත්තරන් පවුමක් අද (11) දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද රුපියල් 155,500 දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 169,550 දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.
ඩොලරයේ අගය ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබීම මෙම මිල ඉහළ යෑමට හේතු වී ඇති බව රන් ව්‍යාපාරිකයෝ කීහ.

