රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල විවෘත කරයි


 

(ප්‍රසාද් රුක්මල්) 

වර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ උල්හිටිය  රත්කිද ජලාශයේ ජල මට්ටම  ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (18) පස්වරුවේ  විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .

මේ නිසාවෙන් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යටවී ඇති හෙයින් එම මාර්ගයේ ගමන්  කිරීමෙන් වලකින ලෙසත් ජලාශය පහල නිම්නයේ  පදිංචි ජනතාවට  දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසටද අනතුරු හගවා සිටි.

උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු තුනක් 0.5 මීටර් බැගින් සහ පිටවානේ ගේට්ටු හතරක් 0.3 මීටර්  බැගින් දැනට විවෘත කර  තිබෙන බවත් ජලාශ භාර නිළධාරිවරයා පැවසීය .

ඉදිරියේදි පතිත වන වර්ෂාව අනුව ජල මට්ටම තව දුරටත්  ඉහළ ගියහොත් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු වලින් නිකුත් කරන ජල ධාරිතාව මාපාකඩ කාර්යභාර ඉංජිනේරුවරයාගේ උපදෙස් මත තව දුරටත්  වැඩිකරන  බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .