(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් නුගේගොඩ අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා නියෝග කළේය.
සැකකාර රතන හිමි රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10000/= මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය
ඉකුත් 29 වෙනිදින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග අධිකරණය වෙත පැමිණ භාරවිය
දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අතුරලියේ රතන හිමියන් ඇප මත මුදා හැරියේය.