රටේ ජාතික ආරක්ෂාව කොහේද


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මේ රටේ ජාතික ආරක්ෂාව තියෙන්නේ කොහේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද ප්‍රකාශ කළේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි ප්‍රහාරයට ලක්වී ඝාතනයට වෙලා. ඔහු ඝාතනය වෙලා තියෙන්නේ තමන්ගේ කාර්යාලයේ මහජන දිනය කරගෙන යද්දී. එතුමාගේ රාජකාරිය කරනකොට ඇවිල්ලා වෙඩි තියලා. මේක බරපතළ කාරණයක්.

කතානායක ජගත් වික්‍රමරත්න මහතා

පොලිසිය ආරක්ෂක අංශය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි.