රටේ එකවර විවෘත කිරීම අනතුරුදායකයි


(සුජිත් හේවාජුලිගේ)

රට එකවර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

රට එකවර විවෘත කිරීම නොකළ යුතු බව සෞඛ්‍ය අංශයේ මතය බවද හෙතෙම සඳහන් කළේය.

රට නැවත විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව බවත් ඒ ආකාරයට රට විවෘත කිරීමෙන් ප්‍රශ්නය කළමනාකරණය කර ගත හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

රට විවෘත කළත් ජනතාව සෞඛ්‍යය නීති දිගටම පිළිපදිමින් ඥානාන්විතව කටයුතු කළ යුතු බව පැවසූ හෙතෙම එසේ කටයුතු නොකළහොත් කොරෝනා රැලි තවත් ඇතිවීම වැළැක්විය නොහැකි බවද කීවේය.

මෙතනදී ජනතාවට ලොකු කාර්යභාරයක් තිබෙන බව ඔහු වැඩිදුරටත් කීය.

හේමන්ත හේරත් මහතා මෙසේ පැවසුවේ රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකදීය.