(තිළිණි ද සිල්වා)
මැදපෙරදිග රටවල රැකියා වල නියුතුව මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා වැයවන මුදල ගෙවීමට රජය තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මාස 3ක කාලයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සීටි.
ඒ අනුව අදාළ පරීක්ෂණය සදහා වැයවෙන මුදල විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාදීමට තීරණය කර ඇතැයිද කම්කරු අමාත්‍යවරයා සදන් කළේය.
කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ දී අද (25) සිට මෙරටට පැමිණෙන පිරිස් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කෙරෙන බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි. මෙම පරීක්ෂණාගාරයෙන් සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සදහ ඩොලර් 40 ක මුදලක් අය විසින් අය කරනු ලැබේ .
පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතව ඇති අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම සිදුකෙරේ.
ඒ අනුව ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව සෘණාත්මක වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට සහ ලාංකිකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන හා සිය නිවෙස් කරා යාමට ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම ඉඩ සලසා ඇත

