රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහා අවලංගු කරන්න


(අංජුල මහික වීරරත්න)

රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහාම අවලංගු කොට රටට හිතකර කාබනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද විනාශකාරී පොහොර ගෙන්වීමට සුදානම් වූ පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අර්වේනියා නම් විනාශකාරී ක්ෂූදූ ජිවියකු සහිත  කාබනික පොහොර රටට පැමිණියේ නම් සියළුම ආහාර නිෂ්පාදනයන් හි අවසානය උදාවන බවද විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය. 

ශාක නිරෝධායන පනතට පිං සිදුවන්නට මෙම කාබනික පොහොර සාම්පල පරික්ෂාවකට ලක්වූ බව කී නියෝජ්‍ය නායකවරයා පොහොර ආනයනය පිටුපස සිටින්නේ රජයේ ව්‍යාපාරික මාෆියාව බවට සැකයක් ඇතැයිද කීවේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කියා සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති පක්ෂ තරුණ හමුවකට එක් වෙමිනි.