(යොහාන් භාසුර)
බලපත්‍රයක් නොමැතිව සහල් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දීමෙන් පසුව පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් කොළඹ වරාය වෙත ළඟාවී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (18) පස්වරුවේ පැවසීය.
මෙරටට ආනයනය කර ඇති සහල් මෙට්‍රික්ටොන් 16000 තුල කැකුළු සහල් මෙට්‍රික්ටොන් 6000 ක් සහ නාඩු සහල් මෙටිුක්ටොන් 10,000 ක් අඩංගු බවත් මෙම සහල් තොග හැකි ඉක්මණින් නිෂ්කාශනය කර නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා කීය.
පෞද්ගලික ආනයනකරුවන්ට හෙට (20) දක්වා සහල් ආනයනය කළ හැකි බවත් නිදහස් ආනයනය කාලසීමාව මේ දක්වා දීර්ඝ කර නොමැති බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.