
(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සංචරණ සීමා ලබන 21වැනිදා ඉවත් කිරීමට නියමිත හෙයින් ඊට ප්‍රථම කොවිඩ් වයිරසය සමාජයේ කොතරම් දුරට පැතිර ඇද්දැයි සෙවීම සඳහා රටපුරා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මාලාවක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි .
දිවයින පුරා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරන ලෙසට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.
මේ පරීක්ෂණ මාලාවෙන් රටේ කොවිඩ් ව්‍යාප්තිය ගැන මේ සති අන්තය වනවිට යම් අදහසක් ලබා ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එසේම රටේ පී.සී.ආර් පරීක්ෂණ අඩු කර නැතැයි දගුණවර්ධන මහතා පැවසීය
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් රට ඉක්මනින්ම විවෘත කිරීමට ඇති හැකියාව දැනගත හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
දිවයින පුරා ඊයේ (15)දිනයේ දී කර ඇති කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව විසි දෙදහස් දෙසිය තිස් හයකි.

