(ජේ.කේ.එල්. චාමින්ද)
විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබු විද්‍යුත් වාහන 510 සදහා පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන 1,384 ක බදු ආදායමක් අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විම සදහා බලපත්‍ර නිකුත් කිරිමට අදාළව අයදුම් පත් භාරගැනිම,පරික්ෂා කිරිම,බලපත්‍ර නිකුත් කිරිම, අවලංගු කිරිම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකු විසින් අක්‍රමවත් පරිදි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම නිසා මෙකි යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සදහා බලපත්‍ර නිකුත් කිරිමේ දි බරපතල ලෙස විනිවිදභාවය කඩකරතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම බලපත්‍ර නිකුත්කිරිමට අදාළ ලිපිගොනු 64ක් විගණනයට ඉදිරිපත් කිරිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබුණි.