රට පුරා පනස්දහසකට මේ වසරේදී ඉඩම් ඔප්පු


(සුජිත් හේවාජුලිගේ)


ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු  හෝ බලපත්‍ර  ලබාදීමට තීරණය කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා  පැවසීය.

මෙම වැඩපිළිවෙළ මේ මස අවසානයේ කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ඉඩම් හිමිකම නොමැති මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින බව ඉඩම්  අමාත්‍යාංශය සඳහන් කරයි.