
(සුජිත් හේවාජුලිගේ)
අධ්‍යයන කටයුතු ඇතුළු විවිධ කාරණා සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හත්සිය පස් දෙනෙකු බැඳුම්කර කඩකිරීම හේතුවෙන් අයකර ගත යුතු  රුපියල් කෝටි 115 කට වැඩි  මුදලක් මෙතෙක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි   අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල කඩිනමින් අය කර ගැනීමට අමාත්‍යාංශය ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොතිබූ බවද  එහි දැක්වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ විදේශගතවූ වෛද්‍යවරුන් 709 දෙනකු  බැඳුම් කර කඩ කිරීම  සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේය.

																	
																	
																	
																	
																	
																	