(නිමල කොඩිතුවක්කු)
රට පත්ව ඇති අර්බුධයෙන් ගොඩ ගැනීම සඳහා නව ක්‍රමවේදයක් යටතේ ජාතික ඒකාබද්ධතා වැඩසටහනකට එළැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (1) පැවසීය.
එකාබද්ධ රට ගොඩනැගීම් වැඩසටහනට පක්ෂ විපක්ෂ සියලු දෙනාට පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා සාධනීය දායකත්වය ලබා දීමට හැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ඔලුගෙඩි මාරුකරන අවස්ථාවාදී දේශපාලනයෙන් රටේ අර්බුධ තවදුරටත් උග්‍ර විය හැකි බවත් විපක්ෂ නායක කාර්යාලයේ අද (1) පැවැති එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ හමුව අමතමින් ඔහු මේ බව පැවසීය.
මේ මොහොතේ රට නිවැරදි ගමන් මාර්ගයට ගෙන යා යුතු ක්‍රමවේද ගැන සාකච්ඡා විය යුතු වුවත් බොහෝ සාකච්ඡාවල දක්නට ලැබෙනනේ ඔලුගෙඩි මාරු කර ගැනීමේ, ඇමති තනතුරු බෙදා ගැනීමේ දේශපාලන සූදුව බවත් විපක්ෂනායකවරයා කීවේය.
වරදාන වරප්‍රසාද ලබා ගෙන ජනතාව මත බර පටවනවා වෙනුවට ප්‍රබුද්ධ ලෙස රටේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් විය යුතු බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
සහභාගීත්ව සංවර්ධනයක් තුළින් රට ගොඩ නැගීම මේ අවස්ථාවේ සිදු විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විශාවාසය තබන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

