රට කිරිපිටි මිල අඩු වෙයි


(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය මේ මස 15 වැනිදා සිට ජනතාවට ලරබෙනු් ඇති බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගමක උසස් නිලධාරියෙක් පැවසුවේ කිරිපිටි මිල අඩු කිරීමට එකඟ වුවද එය මේ මස 15 වැනිදා ක්‍රියාත්මක කළ නොහැකි බවත් එය ලබන ජූනි මස සළකා බලන බත්ය.