රජරට පේපර් පිට කළැයි වැඩබලන විදුහල්පති රිමාන්ඩ්


(උපාලි ආනන්ද)

උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප‍්‍රශ්න පත‍්‍ර සැලසුම් සහගතය ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ජායා රූප ගත කොට තඔුත්තේගම ප‍්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයකුට වට්ස් ඇප් ඔස්සේ යැවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩ බලන විදුහල්පතිවරයා  මස 7 දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහයතා නියෝග කළේය.

මෙම වංචාව තුළින්  රජයට රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදු කර ඇතැයි අධිකරණයේ දී කියැවිණි. 

මෙම ප‍්‍රශ්න පත‍්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනකුත් සැකකරුවන්ද වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයට වැඩිදුරටත් නියෝග කෙරිණ.

මෙසේ රිමාන්ඩ් බාරයට පත්  කළේ අනුරාධපුර තම්මැන්නාකුලම පදිංචි ඇද්දත්කල්ල රාහුල විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති එම්. එම්. කරුණාරත්න රාජපක්ෂ  නැමත්තෙකි.