
(අංජුල මහික වීරරත්න)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රිතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු බවද සභාපතිවරයා කියයි.

