(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වගා කටයුතු සඳහා රජයේ ඉඩමක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 350,000 ක අල්ලස් මුදලක් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකටට අනුව මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති වාහන රථ ගාල තුළදී එකී අල්ලස් මුදල ලබා ගනිද්දී සැකකාරීය අත්අඩංගුවට ගෙන ඇත .
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටියවත්ත යන ඉඩම පැමිණිල්ලිකරුට වගා කටයුතු සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ලබා ගැනීමට අවශ්‍ය රජයේ කටයුතු සිදුකරදීම වෙනුවෙන් අතරමැදියකු ලෙස කටයුතු කර දෙන බව පවසා එකී මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි.