(ප්‍රසංග සිලවා)
රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.
බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් පාන් මිල අඩු කළ හැකි බවයි.
ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ බේකරි නිශ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ ජයවර්ධන මහතා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සදහන් කලහ.
රුපියල් 200 කට ලබා දිය හැකි පාන්පිටි සදහා මාෆියාව හේතුවෙන් රුපියල්280 කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇතැයි ද සදහන් කළේය.
බිත්තර වල මිලද ඉතා අසාධාරණ ලෙස වැඩිවී ඇති බවත්, බිත්තරවලට රජය පාලන මිලක් පැනවුවද අද වනතුරුත් පාලන මිලට බිත්තර වෙළඳ පොළෙහි නැති බවද ඔහු පැවසීය.
රජය හා බලධාරීන් ගේ සහය ලැබේ නම් රුපියල් 190/= වැනි අධික මිලක් ඇති ගෑම් 400 ක පාන් රාත්තල රුපියල් 50/= කින්ද රුපියල් 100/ වැනි මිලකට අලෙවි වන බනිස් ගෙඩියක් රුපියල් 25/= කින්ද එසේම අනෙකුත් බේකරි නිශ්පාදන මිල සැලකියයුතු ප්‍රමාණයකින් ද අඩු කල හැකි බව ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියහ.
රජය මැදිහත් වී මෙම ගැටළුවට සහයක් ලබා නොදුන්නොත් බිස්කට් කන්න එපා යැයි රටේ ජනමතයක් හැදුනා සේ බේකරි නිශ්පාදන මිලදී ගන්න එපා යැයි රටතුළ ජනමතයක් ඇති විය හැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

