(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය බාරගත යුතු බව පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද ඇතිවෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රට කරගෙන යන්න ඉඩ නොදුන්න නිසා ඇතිවෙච්ච තත්වයක් බව කී බණ්ඩාර මහතා රට බංකොලොත් වීමේ වගකීම යහපාලන රජය රට ණය උගුලක හිර කර දැන් ඒ අයම කයිය ගහන බව පැවසීය.
මේ රටේ රාජපක්ෂවරු විතර අවමානයට ගැරහීමට ලක් වූ වෙනත් පිරිසක් නැතැයි කී රංජිත් බණ්ඩාර මහතා පක්ෂ වරුන් මෙලෙස ගැරහීමට ලක් වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව අහිංසක ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කළ නිසා යැයි කීය.

