රංජන්ගේ සුව දුක් බලන්න හරීන්-හේෂා-තෙවරප්පෙරුම බන්ධනාගාරයට


(ජයන්ත සමරකෝන්)

රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ හා පාලිත තෙවරප්පෙරුම යන තිදෙනා අද (16) බන්ධනාගාරය වෙත පැමිණියේය.

මේ වන විට සැකකාර මන්ත්‍රීවරයා එහි ජී වාට්ටුවේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටින අතර ඔහු බැලීම සඳහා සෙසු රැඳවියන්ට එහි යාම තහනම් කර ඇතැයි ද පැවසේ.

ජේලර්වරයකුගේ බාරයේ මෙම සිරවාට්ටුව පවත්වාගෙන යන අතර එහි එක් සිරකුටියක් සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙන් කර ඇතැයි දැනගන්නට තිබේ.

සැකකාර මන්ත්‍රිවරයා පිටතින් ආහාරපාන ලබාගැනීම සඳහා මෙතෙක් ඉල්ලීමක් කර නැතැයි  එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.