(ඉන්දිකා රාමනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් විවිධ පුද්ගලයන්ගේ දුරකතන සංවාද සහිත හඬපට සහ සංයුක්ත තැටි සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ අද (6) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් බාරයට ගත් සංයුක්ත තැටි 132 ක්, දෘඩ තැටි 9 ක්, 9 එම් එම් වර්ගයේ පිස්තෝලයක්, එම පිස්තෝලයට යොදන උණ්ඩ 127 ක්, ලැප්ටොප් පරිගණක දෙකක්, සීඩී ප්ලේයර යන්ත්‍ර 2ක්, රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන, එම් සිම්කාඩ්පත, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් මුද්‍රා තබා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් බවද එම නිලධාරියා කීය.
බාරදුන් මෙම තැටි 132 න් 32 අසභ්‍ය ඡායාරූප සහිත සංයුක්ත තැටි බවත්, දෘඩ තැටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්විට්සර්ලන්තයට පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරියකගේ, මහහේස්ත‍්‍රාත්වරුන් දෙදෙනකුගේ ඇතුළු කිහිපදෙනකුගේ දුරකතන සංවාද සහිත හඬපට, පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරුන් සමග රහස පැවැත්වු කතාවල හඬපට, රගර් කී‍්‍රඩක වාසීම් තාජුඩීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එවකට නාරාහේන්පිට පොලිසිය කළ විමර්ශන ගොනුවක් දෙකක් ඇතුළු භණ්ඩ රැසක් තිබු බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මේවා සියල්ල හිටපු නියෝජ්‍ය ආමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිල නිවසේ තිබී කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය ඉකුත් (4) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

