(දයාරත්න ඇඹෝගම)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවල,නල්ලමුදාව,යෝධ ඇල රක්ෂිතයේ අක්කර 75 ක භුමි භාගයක සිටුවන ලද මී, කුඹුක්, කොහොඹ හා කරද පැල 2,000 කට ආසන්න ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවා දමා විනාශ කොට ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තඹුත්තේගම අඩවි වන නිලධාරි එම්.ජී.නයන ප්‍රියංකර සමරතුංග මහතා පැවසිය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තඹුත්තේගම අඩවි වන නිලධාරි එම්.ජී.නයන ප්‍රියංකර සමරතුංග මහතා විසින් මෙසේද පැවසිය.
“රජයට අයත් මෙම නල්ලමුදාව,යෝධ ඇල රක්ෂිතයේ පිහිටි අක්කර 275 කට ආසන්න භුමි ප්‍රමාණයෙන් අක්කර 75 ක මෙම පැල සිටුවා තිබුණා.හේන් වගාව නිසා මෙම රක්ෂිතය විනාශයට පත්ව තිබිම නිසා පරිසරය ආරක්ෂා කර ගැනිම සදහා මෙම වටිනා ශාඛ සිටුවිමට කටයුතු කළා.”
“එහෙත් මෙම ශාඛ සිටුවලා සති දෙකක් යන්නට මත්තෙන් කිසියම් පිරිසක් මෙම පැල සම්පුර්ණයෙන්ම ගලවලා විනාශ කොට තිබෙනවා.”මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිසියට පැමිණිලි කළ බවද අඩවිවන නිලධාරි සමරතුංග මහතා මෙහිදි පැවසිය.