යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් භටයන් 80ක් පමණ ඝාතනය වී ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරය හේතුවෙන් මධ්‍යම පළාතේ මාරිබ් නගරයේ පිහිටි මෙම පුහුණු කඳවුරේ සිටි බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි ද බලධාරීහු පවසති.
යේමනයේ අගනුවර වන සනා නගරයට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිරින් කඳවුර පිහිටා තිබේ.
මුස්ලිම් පල්ලියේ පූජාව සඳහා රැස්වුනු පිරිස ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර ඇති බව ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.
ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් එය හවුති ගරිල්ලන් විසින් සිදුකරන ලද බවට යේමන රජය චෝදනා කරයි.
තවදුරටත් වාර්තා ලැබෙමින් පවතින බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇති බවද සඳහන් වේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ හවුති ගරිල්ලන් විසින් දකුණු දිග ඒඩ්න් නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 32දෙනක් මිය ගියහ.
2015 වසරේ සිට යේමනයේ ගැටුම් පවතින අතර බටහිර ප්‍රදේශයේ වැඩි කොටසක බලය අල්ලාගෙන සිටින හවුති ගරිල්ලන් ජනපති මන්සූර් හාඩි මහතා එලවා දැමීමට උත්සාහ කරයි.
(බීබීසි ඇසුරිණි - 085)

