යේමනයේ රජයේ සහ හවුති කැරලිකරුවන් අතර සටන් විරාම ගිවිසුම හෙට (18) සිට ඇරැඹිමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධව අදාල පාර්ශවයන් කළ සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව මෙසේ එකඟතාවයකට පැමිණ ඇත.
ඉන් අනතුරුවද හවුති කැරලිකරුවන් හා රජයේ හමුදා අතර දරුණු සටන් ඇති වි ඇති අතර ගුවන් ප්‍රහාර ද එල්ල විය.
එක්සත් ජාතින්ගේ සංවිධානය සහ යේමන් නිලධාරින් පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම් අවශ්‍ය බවයි.
ඒ අනුව යේමනයේ ගැටුම් පාර්ශවයන් හා එක්සත් ජාතින්ගේ සංවිධානය අතර පසුගියදා ස්වීඩනයේදී සටන් විරාම ගිවිසුමට අත්සන් තැබු බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මාර්ටින් ගිෆ්රිත්ස් පවසා ඇත්තේ ගිවිසුමේ සඳහන් කරුණුවලට අනුකූලව දෙපාර්ශවයම ඊට අවනත විය යුතු බවත්, ඊට ගරු කළ යුතු බවත්ය.
( බී බී සී ඇසුරෙනි)
(36698)
