(යොහාන් භාසුර)
විවිධ බොරු මත සමාජගත කරමින් රට නැවත අසමත් රාජ්‍යයක් කිරීම තුළින් යුද්ධයෙන් දිනාගත නොහැකි වූ අභිලාෂයන් ලබාගැනීමට ඇතැම් කණ්ඩායම් කුමන්ත්‍රණකාරී උත්සහ දරන බවත් පොදුජන පෙරමුණට රට භාර දෙන විට මහ බැංකුවේ ඩොලර් බිලියන 7 ක සංචිතයක් නොතිබුණු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාරිලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (1) පැවසීය.
පොදුජන පෙරමුණ රට බාරගෙන මාස කිහිපයක් ඇතුළත ගෙවන්න ඩොලර් බිලියන හයක පමණ විශාල ණය මුදලක් ගෙවූ බව කී නීතිඥා සාගර කාරියවසම් මහතා ඒ අනුව බැලීමේදී එම රජයට බිලියන 7 ක සංචිතයක් නොලැබුණු බව ද සඳහන් කළේය.
රජය බාරගත් දිනයේ සිට කොරෝනා උවදුරත් එක්ක සටන් කිරීමට සිදුවූ බවත් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට රජයක් හැටියට මහා විශාල සටනක් කිරීමට සිදුවූ බවත් ඒ මහතා සඳහන් කළේය.
‘කොරෝනා’ රෝගීන් රෝහල්ගත කිරීමට නොහැකිව පාරවල්වල මැරෙන තත්වයක් රූපවාහිනිය දැක දැක කිසිම කෙනෙක්ව රෝහලකට ඇතුළත් නොකර ප්‍රතිකාර නොකර හරින තත්වයකට මෙරට පත්වෙන්න රජයක් හැටියට ඉඩ නොදුන් බවත් කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (1) පැවැති මාධ්‍ය හමුවකදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

