තරිදු ජයවර්ධන
ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාලයේ දී යුද හමුදාවෙන් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 71172ක් සාමාන්‍ය ජනයා වෙත මුදා හැර ඇතැයි යුද හමුදාව කියයි.
මෙයින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ 2015 වසරේදී ය. එම ප්‍රමාණය අක්කර 25951කි.
යුද හමුදාවේ තොරතුරු නිලධාරී ඒ එම් එස් බී අතපත්තු මහතා මේ බව සඳහන් කරනුයේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාළව තොරතුරු සපයමිනි.
යුද්ධය අවසන් වූ 2009 වසරේ දී යුද හමුදාවෙන් මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 745.54කි. 2010 වසරේ සිට 2015 දක්වා පැවැති ආණ්ඩු සමයේ යුද හමුදාවෙන් සාමාන්‍ය ජනයා වෙත මුදා හරින ලද උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 27854.55කි. 2015 වසරේ සිට පවතින වර්ත මාන ආණ්ඩුව කාලයේ දී යුද හමුදාව භාරයේ තිබී මුදා හැර ඇති උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රමාණය අක්කර 42578.65කි.
2009 සිට මේ දක්වා මුදා හැර ඇති ඉඩම් ප්‍රමාණය වාර්ෂිකව පහත දැක්වේ.
| 2009 | 745.54 |
| 2010 | 5730.72 |
| 2011 | 3791.93 |
| 2012 | 8952.84 |
| 2013 | 8441.98 |
| 2014 | 937.08 |
| 2015 | 25951.26 |
| 2016 | 4871.85 |
| 2017 | 4803.84 |
| 2018 | 6191.46 |
| 2019 | 754.24 |

