යුද හමුදා වෛද්‍ය කඳවුරින්


(චන්දන හෙන්දුරුගොඩ )

පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව 8 වන වරටත් සංවිධානය කළ බහුවිධ වෛද්‍ය සායනය සඳහා දහසකට අධික පිරිසක් සම්බන්ධ වු බව ශ්‍රී ලංකා යුධ හමුදා මාධ්‍ය අංශය කියයි.

යුද හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් පවත්වනු ලබන බහුවිධ වෛද්‍ය සායනයන්හි 8 වන අදියර පුත්තලම දිස්ත්‍රික්කයහි පදිංචි විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුලුව දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පුත්තලම, සින්නවිල්ලුවත්ත යුද හමුදා කඳවුරේදී අද දවස පුරා පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධික්‍ෂණය යටතේ සංවිධානය කළ මෙම වෛද්‍ය කඳවුර හරහා වෛද්‍ය ගැටළු හදුනාගනිමින් හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශන සේවාව, දන්ත වෛද්‍ය සේවාව, ජංගම වෛද්‍ය රසායානාගාර සේවය, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ ලබාදීම සඳහා පරීක්‍ෂණ මෙන්ම ජංගම අක්ෂි සායන, භෞත චිකිත්සක සායන, ඇතුලු තවත් සේවා ලබාදීමට කටයුතු සිදුකර ඇත.