විමුක්ති ඒස්. රුද්‍රිගු
රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයෙන් යුක්රේනය මුදවා ගත් කර්කිව් පළාතේ, මාර්තු මස සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු බේරා ගත් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළ බව යුක්රේන මාධ්‍ය වාර්තා කළේය.
බේරාගත් ශ්‍රී ලාංකිකයන් හත් දෙනා කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් බවත් ඉකුත් මාර්තු මස රුසියානු හමුදා ඔවුන් අල්ලාගෙන කර්කිව් පළාතේ ගොඩනැගිල්ලක බිම් මහලක රඳවා ගෙන සිට ඇති බවත් ජනාධිපති සෙලෙන්ස්කි එහිදී ප්‍රකාශ කර ඇත.බේරාගත් පසු ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව ද ඔහු සඳහන් කළේය.

