යාලදී සංචාරක ජීප් රියක් අනතුරක


(අමිල සමිපත් ශ්‍රී)

සංචාරකයන් පිරිසක් රැගත් ජීප් රථයක් යාළ පිවිසුම් මාර්ගයේ ඇටුල්ල ප්‍රදේශයේදී පෙරළීමෙන් රුසියා සංචාරකයන් හතර දෙනකු තුවාල ලැබා ඇතැයි කිරින්ද පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ සංචාරකයන් දෙබරවැව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

මේ පිළිබඳව දෙබරවැව මූලික රෝහලෙන් කළ විමසීමකදී සඳහන් කළේ සංචාරකන් හතර දෙනාම සාමාන්‍ය තුවාල ලබා ඇති අතර තත්ත්වය බරපතළ නොවූවත් සංචාරකයන් මේ වන විට දෙබරවැව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ජීප් රථය පැදවූ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවත් ජීප් රථය පැදවූ රියදුරු මේ වන විට කිරිනිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් කිරින්ඳ පොලිසිය කය.