
(ඉන්දිකා රාමනායක)
යාපනයේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබූ ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ පත්තරයකින් ඔතන ලද වයර් සහිත පාර්සලයක් හමුවූ බව කෝපායි පොලිසිය පවසයි.
මෙම සිවිලිම අලුත් වැඩියා කිරීම සඳහා පැමිණ සිටි සේවකයින් තිදෙනකු ඊයේ (30) සිවිලිම අලුත් වැඩියා කරමින් සිටියදී එහි තුළ සඟවා තිබූ ඉහත පාර්සලය දැක ඒ සම්බන්ධයෙන් කෝපායි පොලිසිය දැනුවත් කර ඇත.
එම දැනුම් දීම අනුව කෝපායි පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ ඉහත උණ්ඩ සහ වයර් සහිත පාර්සලය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මැගසින් සහ වයර් රෝල මෙම ස්ථානයට රැගෙන ආවේ කවුද යන්න හෙළි කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

