යාපනයේත් නිදහස් දින සැමරුම්


(අංජුල මහික වීරරත්න)

යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති 77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව මෙම නිදහස් සැමරුම සංවිධාන කොට තිබූ අතර යාපනය ප්‍රදේශවාසීහු ද එම නිදහස් දින සැමරුමට සහභාගී වූහ.

දිසාපති මරුතලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම නිදහස් සැමරුම පැවැත්විණි.

සර්ව ආගමික නායකයෝ ද මෙම නිදහස් සැමරුමට සහභාගී වූහ.