(අංජුල මහික වීරරත්න)
යාපනයේ කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ් ,නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචි කරුවන්ට විදුලිය සැපයීම ලබාදීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 11 ක ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත.
ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තුව ඉන්දීය සමාගමක් වෙත ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

