
( සිතුම් චතුරංග)
යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අද( 21) අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.
තිස්ස රාජමහ විහාරයට අයත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් මහතා ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.
විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන තිබේ.



