
(සිතුම් චතුරංග)
යාපනය විශ්ව විද්‍යාලය පුස්තකාල පරිශ්‍රයේ පිළිසකර කිරීමක් අතරතුරදී එහි වහලයේ සිවිලිමක් මත තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් , ජීව පතොරම් සහිත මැගසින් හතරක් සහ තුවාලවලට ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් සොයාගත් බව කෝපායි පොලිසිය කියයි.
සේවකයන් පිරිසක් පිළිසකර කිරීමක් සඳහා ඊයේ (30) පුස්තකාල සිවිලිම ගැලවීමේදී පත්තර කැබලිවලින් ඔතන ලද පර්සලයක් හමුවී ඇති අතර ඒ පිළිබඳ යාපනය විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන් දැණුවත් කිරීමෙන් පසු පොලිසිය වෙත දැණුම්දීමෙන් අනතුරුව ප්‍රථමයෙන් මැගසීන දෙකක් සහ ජීව පතොරම් 50 ආසන්න ප්‍රමණයක් සොයාගත් බව පොලිසිය පැවසීය.
අනතුරුව කෝපායි පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද දිනයේ පුස්තකාල පරිශ්‍රයේ වහලය සහ සිවිලිම ගලවා පරීක්ෂා කිරීමේදී ටි 56 ගිනිඅවිය සහ තවත් උණ්ඩ 130 සමඟ මැගසීන දෙකක් සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.



