(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
යහපාලන රජය කාලයේ දී රුපියල් කෝටි 1500 ක එතනෝල් ලීටර් දාහතර කෝටි තිස් ලක්ෂයක් ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාගම් ගණනාවක් විසින් මෙම එතනෝල් ගෙන්වා ඇතැයි ද එයින් සියයට පනහක් ගෙන්වා ඇත්තේ සමාගම් තුනක් බවද කබ්රාල් මහතා කීය.
චීනය, ප්‍රංශය ,ජර්මනිය, කැනඩාව,ඕස්ට්‍රේලියාව,ස්විට්සර්ලන්තය යන රටවලින් මේ එතනෝල් ගෙන්වා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .
පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

