යල කන්නයේදී පොලොන්නරුවෙන් වී මෙ:ටොන් 30,000ක් මිලට ගන්න යයි


(ක.ග.කරුණාරත්න)

මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  ගොවීන්ගේ වී මෙට්‍රික් ටොන් 30,000ක් මිළදී ගැනීමට රජය බලාපොරොත්තුවන බව වී අලෙවි මණ්ඩලය කියයි.
 
ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 06ක් මේ වනවිට  විවෘත කර තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.
 
සිරිපුර, පිහිටිවැව, අඹගස්වැව, හිඟුරක්ගොඩ, කදුරුවෙල, අරලගංවිල, 9 කණුව යන ප්‍රදේශවල වී මිළදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘතකර ඇති බවද ඒ මහතා කීය.

මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 30,000ක් රජය මිලදී ගැනීමට බලාපොරොත්තුවන බව ඒකනායක මහතා පැවැසීය.
 
ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රජයේ සහතික මිල වන රුපියල් 50 බැගින් මිලදී ගන්නා බවත් එක් ගොවියෙකුගෙන් වි අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝ 5000ක උපරිම  වී ප්‍රමාණයක් බවද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා කීය. 
 
ප්‍රමිතියෙන් යුක්ත නොවන තෙතමනය සියයට 14 ඉක්මවන වී කිලෝවක් මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝවක් රුපියල් 44 බැගින් බැගින් යැයිද හෙතෙම පැවැසීය.