යතුරුපැදි-බස් අනතුරින් සරසවි සිසුවා මරුට


(ලක්මි කුඩලිගම) 

මතුගම නෑබඩ පාර හොරණ මාර්ගයේ හිරිකැටිය හංදියේදි අද (1) උදෑසන යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් පෞද්ගලික බස් රථයක ගැටී බස් රථයට යටවීමෙන් 23 හැවිරිදි  විශ්වවිද්‍යාල සිසුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ  මිණිපාය, තවලම පදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවෙකු වූ අගලවත්ත කම්කානම්ගේ හසිරු සංදීප නැමැති (23) හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය කියයි.

මෙම තරුණයා තම යතුරු පැදියෙන් මතුගම දෙස සිට හොරණ දෙසට ගමන් කරන අතර තුර නෑබඩ හිරිකැටිය හංදියේදී යතුර පැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස්  ඉදිරිපසින් හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී ඉදිරිපස රෝදයට යටවීමෙන් තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණපවත්වයි.