(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මියගොස් තවත් පොලිස් නිලධාරීයකු ඇතුළු තිදෙනකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂක චතුරංග කස්තුරිආරච්චි මහතායි
යතුරුපැදියකින් පොලිස් නිලධාරීන් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණු ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි ස්ථානාධිපතිවරයා කීය
බරපතළ තුවාල ලද සිව්දෙනාම කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා මියගිය ගොස් ඇත.
යතුරුපැදිවලට ද බරපතළ අලාභ සිදු ව ඇතැයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය