
( කාංචන කුමාර ආරියදාස)
පාසල් සිසුන් තිදෙනකු ගමන්ගත් යතුරු පැදියක් දඹුල්ල කලුන්දෑව පරණගම ප්‍රදේශයේදී දී ගසක වැදි ඇළකට පෙරලී මෙන් 13 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල පහළ ඇරෑවුල ප්‍රදේශ්යේ පදිංචි රශ්මික දිනේෂ් සත්සර ඒකනායක (14) හැවිරිදි පාසල් සිසුවෙකි .
මෙම අනතුරින් තුවාල ලැබූ වයස අවුරුදු 15 සහ 16 පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයකු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් තුවාල ලැබූ සිසුවා නිවසේ සිට ප්‍රතිකාර ලබන බව පොලීිසිය කියයි.
යතුරු පැදි දෙකකින් පාසල් සිසුන් හය දෙනකු දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ ඇළ මාර්ගය ඔස්සේ වැටී ඇති මාර්ගය මිතුරකුගේ නිවසකට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව වී ඇතැයි එම සිසුන් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.


