
(බී.ජී. චතුරංග)
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගනේවල්පොල, ගලපිටගල පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
මිහින්තලය සහ අවට ප්‍රදේශවල , පාසල් අසල, රෝහල අසල නිවෙස් තුල සිදුවූ යතුරු පැදි සොරකම් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසු නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, ඔහු සොරා ගන්නා ලද යතුරු පැදි 13 ක්, පිළිබඳ අනාවරණය වූ බවත් සොරකම් කරන ලද යතුරු පැදිවලින් කිහිපයක් හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව ආදී ප්‍රදේශවල පිහිටි යතුරු පැදි වෙළඳසැල්වලට හා නිවෙස්වලට අලෙවිකර තිබියදී සොයා ගත් බවද පොලිසිය සදහන් කලේය.

