
( කේ බුද්ධික කුමාරසිරි )
තලංගම පයිප්ප පාර ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ නොහැකි රුපියල් ලක්ෂ 24 ක්පමණ වටිනා අධිවේගී යතුරුපැදියක් ඇතුළු ව්‍යාජ අංක යෙදු යතුරු පැදි හතරක් සමඟ කාන්තාවක සහ තරුණයෙකු අද (22) අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
දින කිහිපයකට ඉකුත් 18 වනද මාලඹේ අරංගල ප්‍රදේශයේදී හෙරොයින් සමග අත් අඩංගුවට ගත් හෝකන්දර රයිඩර් නමැති හිටපු යුද හමුදා විශේෂ බලකා සාජන්වරයාගෙන් අධිකරණ නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී තොරතුරු මත එම සැකකරුට හෙරොයින් මත්කුඩු ලබා දෙන බවට පැවසූ තලංගම පයිප්ප පාරේ නිවසක් සෝදිසි කිරීමේදී මත්ද්‍රව්‍ය සහ යතුරුපැදි සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
පොලිසිය තලංගම පයිප්ප පාරේ නිවස සෝදිසි කිරීමේ දී හෝකන්දර රයිඩර් ට හෙරොයින් ලබා දුන් බව කියන සැකකරුගේ බිරිඳ සිට ඇති අතර ඇය පරීක්ෂා කිරීමේදී ඇය සගවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සොයා ගැනීමට හැකි වූ බවත් එම නිවසේම රැදී සිටි ප්‍රධාන සැකකරුගේ ඥාති පුත්‍රයෙකු සන්තකයේ තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
එම නිවස තව දුරටත් පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ මෙරට ලියාපදිංචි කළ නොහැකි රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා බව කියන අධිවේගී යතුරුපැදියක් සහ අංක තහඩු නොමැති තවත් යතුරු පැදියක් ද සොයා ගැනීමට හැකි වූ බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නේවි රුවන් නැමැති හිටපු පාතාල සාමාජිකයෙකුගේ නමින් සිටිමින් පාතාල ක්‍රියාකාරම්වල නිරතව සිටි සැකකරුවෙකු නවාතැන් ගෙන සිටි බව කියන අංගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ව්‍යාජ අංක තහඩු යෙදු සහ අංක තහඩු රහිත තවත් යතුරුපැදි තුනක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
එලෙස අත් අඩංගුවට ගත් යතුරුපැදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගත්තේ ද නැතහොත් වෙනත් පාතාල ක්‍රියාකාරකම් සඳහා යොදා ගත්තේද යන්න විමර්ශන කරගෙන යන බවද පොලිසිය පවසයි


