( තිලකරත්න දිසානායක.)
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස සහ කොතලාවල පනත ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අද (20) දහවල් යක්කල නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
" ගුරු - විදුහල්පති වෘත්තීය සමිති " මගින් සංවිධානය කොට තිබු මෙම උද්ඝෝෂණයට රජයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විශාල පිරිසක් එක්ව සිටි අතර උද්ඝෝෂකයින් අත තිබූ පුවරුවල " ගුරු වැටුප් විෂමතාවය වහා විසදනු " , " නිදහස් අධ්‍යාපනය වනසන , අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනත වහා හකුලා ගනිව් " වැනි ඉල්ලීම් සදහන්ව තිබිණි.
සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයින් යක්කල නගරයේ පා ගමනින් ගොස් අනතුරුව පැයක පමණ කාලයක් උද්ඝෝෂණයෙහි නිරතව සිටි ආකාරයක් දක්නට ලැබිණි .
උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී කොළඹ - මහනුවර මාර්ගයෙහි අවහිරයකින් තොරව වාහන ගමන් කරවීමට යක්කල පොලීසිය මගින් පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය.

